Sunday, May 24, 2020

මනසේ රහස - ඔබ සිතන දේ ඔබ බවට පත්වේ

මනසේ රහස - ඔබ සිතන දේ ඔබ බවට පත්වේ.

ඔබගේ මෙත්තා සහගත සිතුවිලි, ක්‍රියා, වදන් වලින් ඔබ වත් පරිසරයත් මේ මොහොතේ සුවපත් කරන්න.

මනස වික්ෂිප්ත වුනොත් (හැමතිස්සෙම ලෙඩ ගැනම විතරක් හිතුවොත්) පරිසරයත් ඔබත් වික්ෂිප්ත වේවි.

මනස කියලා කියන්නේ අප විසින් බලාපොරොත්තු තබා ගත්ත ප්‍රමාණයට ප්‍රසාරණය වන, අතහැරපු ගානට සංකෝචනය වන දෙයක් ඒකයි මනසේ ස්වභාවය. අපේ බලාපොරොත්තුව යම් තරමක් විහිදෙව්වා නං ඒ විහිදුවාගෙන ඉන්න තරම් ප්‍රමාණයක් මනස ප්‍රසාරණය වෙනවා, යම් තරමකට අඩු කර ගත්තද ඒ තරමට සංකෝචනය වනවා තිතක් වෙන්නත් පුලුවන්. ලෝකෙ ගොඩක් අල්ලන්න ඕන කෙනා මනස ප්‍රසාරණය කරගෙන ඉන්නවා, එයා කාම වස්තු නං අල්ලන්නේ එයා ප්‍රසාරණය කරලා තියෙන්නෙ කාම ලෝකයට, ඒකෙ ප්‍රමාණය බැලුවොත් කාම ලෝකෙ තරම්ම විශාලයි.

විඤ්ඤාණයට උපමාවක්

ගෙදර සාලෙ හරියෙ බඩු තියාගන්න තැන මොන මොනවා හරි බඩු ටිකක් මට හම්බුනාම මම තැනින් තැන තියාගන්නවා, මට හොඳ විදියට තියාගන්නවා මගේ සීමාවේ. ඒ ඒ තැන් වලට ගැලපෙන දේවල් ගැලපෙන තැන් වලට දානවා, සල්ලි තියෙනවා නම් ලාච්චු වලට දානවා. ලොකු බඩු මුට්ටු ගෙන ආවහම සාලෙ මැද තියන්න බෑ අයිනකින් කොහෙහරි සුදුසු තැනකින් තියෙනවා. ඉගෙනගන්න පොත්පත් ආදී වැදගත් දෙයක් තියෙනවා නම් ඒවත් පොත් තියෙන තැනකින් තියෙනවා, මෙහෙම තැනින් තැන තියාගෙන ඉන්නවා.

මොනවා හරි ඉන්න තැනින් අත්‍යාවශ්‍ය දෙයක් ගන්න ඕනෑ උනාම මොනවද කරන්නේ, උදාහරණයක් ගේ ගිනි ගත්තා කියන්නකො දැන් කල්පනා කරනවා වටිනාම දේ මොකක්ද? එයා අල්ල ගෙන හිටියෙ සල්ලි ලාච්චුව නම් වටින්නේ ඒක නම් ඒක ගත්තා පැන්නා එලියට මොකක්හරි මෙන්න මේ විදියට අපි උපාදාන කරගෙන තමයි ගන්නේ
අපි ඇහුවොත් මොනවද ගෙදර තියෙන්නෙ කියලා ඒක නං මට මතක නෑ, හොඳ හොඳ ඒවා ගෙනත් තියා ගත්තා. කියන්න කිව්වොත් මතක නෑ, අවශ්‍ය නම් හොයල බලන්න පුළුවන්.

ඒ විදියට ඇහැට හොඳයි කියන ඒව ගත්තා, කනට, දිවට, නාසයට, ශරීරයට හොඳයි කියන දේවල් ගත්තා. අරගෙන මනේ තැන්පත් කෙරුවා. මන ප්‍රසාරණය කෙරුවා නම් කාම ලෝකයට එයා ඒ මට්ටමින් තැන්පත් කරගෙන, මන දුවන්න පුලුවන් එක එක පැති වලට.

මනසේ ස්වාභාවය පිලිබඳව කෙරෙන අගනා දහම් විග්‍රහයක් පහත link එකේ ඇත.
https://waharaka.com/listen/CD084-24

මේ කරුණු නවය ගැන දන්නවනම් මොළයෙන් නිවැරදිව වැඩ ගන්න පුළුවන්

බුද්ධිමතෙක් වෙන්න ක්‍රමය මෙන්න

මිනිස් මොළය කියන්නේ හරිම අපුරු දෙයක්. මොළය හරියට භාවිතා කළොත් ඕනෙම දෙයක් කරන්න පුළුවන්. නමුත් මොළය කාර්යක්ෂමව භාවිතා කරන ආකාරය ගැන බොහෝ දෙනෙක් හරියටම දන්නේ නෑ. එම නිසා මෙම ලිපියෙන් අපි කතා කරන්නේ මොළයෙන් නිවැරදිව වැඩ ගන්න ඔබ දැන සිටිය යුතුම කරුණු 9ක්.

1 – නින්ද අඩුවෙන් ලැබුණාම මතකය අඩු වෙනවා
කැලිෆෝනියානු සරසවියේ විද්‍යාඥයන් පිරිසක් විසින් කළ පර්යේෂණයක් අනුව තහවුරු වී තිබෙන්නේ අඩුවෙන් නින්දට යන විට මතකය අඩු වී යන බවයි. හොඳ නින්දක් ලැබුණාම අපේ මොළයේ තිබෙන විෂ සහිත රසායනික ද්‍රව්‍ය අයින් වෙලා යනවා. එතකොට අපි නැගිට්ටාම ආයේ හොඳ ක්‍රියාකාරීත්වයක් ලැබෙනවා. මේ සඳහා පැය හයක – හතක නින්දක් සාමාන්‍ය කෙනකුට අවශ්‍ය වෙනවා.

2 – මානසික ආතතිය නිසා මොළයේ ක්‍රියාකාරිත්වය නැති වෙනවා
ඉතා විශාල වශයෙන් මොළය ආතතියට ලක් වුණාම මතකය අඩුවීම, ඉගෙනීමට ඇති හැකියාව අඩුවීම, තමාට තමාව පාලනය කරගන්න බැරි වීම, නොරුස්සන බව සහ හිත එක තැනක තියාගන්න බැරි බව වගේ ගැටලු රැසක් ඇතිවෙනවා. මේ නිසා තමන්ට කරන්න තියෙන වැඩ ටික උදෙන් ම පිළිවෙළකට ලයිස්තුවක් විදියට හදාගත්තා ම ආතතියකින් තොරවම දවසේ වැඩ ටික ඉවර කරගන්න පුළුවන් වේවි.

3 – ආදරයයි වෛරයයි අතර ඇත්තේ කෙස් ගහක් අතර ප්‍රමාණයක් බව කියන කතාව ඇත්ත
බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පිරිසක් සොයාගෙන තිබෙන ආකාරයට මොළයේ ආදරය සහ වෛරය ඇති වන්නේ ඉතා ආසන්න වශයෙන් සමාන ප්‍රදේශවලයි. හැබැයි ආදරය ඇති වී තිබෙන වෙලාවට මොළයේ තාර්කික බව නම් ටිකක් අඩු වී යනවා.

4 – මොළයේ ක්‍රියාකාරීත්වයට ජලය අත්‍යවශ්‍යයි
මොළයෙන් සියයට අසූවක්ම හැදිලා තියෙන්නේ වතුර වලින්. ඉතින් අපි වතුර පානය නොකර ඉඳලා සියයට දෙකක් පමණ අඩු වුණත් එය මතකයට සහ මොළයේ ඥානාත්මක ප්‍රදේශ වලට විශාල වශයෙන් බලපානවා. ඒ නිසා පිපිඤ්ඤා ගෙඩියක් වගේ තිබෙන මොළයට වතුර ටිකක් දෙන්න අමතක කරන්න එපා.

5 – ගර්භනී අවස්ථාවේදී මොළයේ ව්‍යුහය වෙනස් වෙනවා
විද්‍යාඥයින් තහවුරු කර තිබෙනවා ගර්භණී අවධියට පැමිණි කාන්තාවන්ගේ මොළයේ සමාජයීය ප්‍රදේශ සහ අනෙක් අය තේරුම් ගැනීමේ හැකියාව වැඩි කරන මොළයේ ප්‍රදේශ වල ව්‍යුහය තීව්‍ර වන බව. ස්වාභාවිකවම මෙලෙස සකස් වී තිබෙන්නේ ඇයට තම දරුවා අවබෝධ කරගැනීමේ හැකියාව වර්ධනය කිරීමටත්, අනතුරු වලින් වැලකීමට උපකාරී වීමටත් තමයි.

6 – ඕනෑවට වඩා සීමිත වන මොළයේ ක්‍රියාකාරිත්වයට බාධා ඇති වෙනවා
පැණි බීම වර්ග වල සෝස් වර්ග වල සහ විවිධ කෘත්‍රිම රස කැවිලි වල තිබෙන සීනි නිසා මොළයේ නියුරෝන වල ක්‍රියාකාරීත්වය අඩාළ වෙනවා. හැබැයි කෙසෙල් පිටි වැනි පලතුරු වල තිබෙන ෆෘක්ටෝස් අඩු වුණොත් නම් ඉගෙනීමට ඇති හැකියාව සහ අවධානය පවත්වා ගැනීමේ හැකියාව අඩු වී යනවා. ඔමේගා 3 මේද අම්ල තිබෙන මාලු, කජු වර්ග සහ මෝර තෙල් වගේ දේවල්වලින් සීනි නිසා මොළයේ ඇතිවෙන එම ආබාධ තත්වය යථා තත්ත්වයට පත් කරන්න ඉවහල් වෙනවා.

7 – ආදරය සහ සෙනෙහස ආසන්න වශයෙන් සමානයි
තමන්ගේ සහකරුවා හෝ සහකාරිය සමග ගත කරන වෙලාවේදී වෙනත් ඥාතියෙකු සමග ගත කරන කාලයේ දී මොළයේ ක්‍රියාකාරීවන ප්‍රදේශ ඉතා ආසන්න වශයෙන් සමාන බව දැන් සොයා ගෙන තිබෙනවා. මෙහි වෙනස ඇතිවන්නේ සහකරුවන් සමග සිටිමේදී ලිංගික ක්‍රියාකාරීත්වය සහිත ප්‍රදේශ සක්‍රීය වීමත්, ඥාතීන් සමග සිටිමේදී ඔවුන් වෙනුවෙන් හුදෙක් ස්නේහයක් ඇති වීමත් මගිනුයි.

8 – චිත්‍ර අඳිනකොට මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි වෙනවා
පර්යේෂණයක් හරහා තහවුරු කර තිබෙන ආකාරයට චිත්‍ර ශිල්පයේ යෙදෙන අයගේ මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි බවයි. වෙනත් කලාව සම්බන්ධ දේවල් කට පාඩම් කරනවට වඩා චිත්‍ර ඇඳීමේ නිරත වීමේදී මොළය ඉතා හොඳින් ක්‍රියාකරනවා

9 – රූපවාහිනී නරඹනවාට වඩා පොත් කියවීමේදී මොළය හොඳින් ක්‍රියාකාරී වෙනවා
Oxford විද්‍යාඥයින් තහවුරු කර තිබෙනවා මොළයේ ඥානාත්මක ප්‍රදේශ පොත් කියැවීමේ දී වඩාත් හොඳින් ක්‍රියාත්මක වෙනවා කියලා. මොකද එම අවස්ථාවේදී අවධානය යොමුකිරීම සහ ඥානය වර්ධනය කරගැනීමේ ප්‍රදේශ වෙත ඉතා හොඳින් රුධිර වහනය වන නිසා එය මොළේ වර්ධනයට විශාල වශයෙන් බලපානවා. මෙය පරිගණක ක්‍රීඩාවක් කරනවට වඩා හෝ රූපවාහිනී නරඹනවාට වඩා වැඩි බවයි ඔවුන් තහවුරු කරන්නේ.

මෙහි ඇති ඡායාරූප ( සංස්කරණයට පෙර ) අන්තර්ජාලයෙන් හා සටහනින් කොටසක් උපුටා ගැනීමකි....
එහි අයිතිය මුල් ඡයාරූප ශිල්පියා / කතුවරයා / කතුවරිය සතුය.
පූර්ණ ගෞරවය ඔහුට / ඇයට හිමි වෙි.

සංස්කරණය - තිස්ස ලියනගේ - 0718406060


No comments:

Post a Comment

ජාතක කියන්නේ

ජාතක කියන්නේ ජා + අත්ත + ක ජා කියන්නේ ජනිත කරනවා අත්ත කියන්නේ අත් බැව ක කියන්නේ ක්ෂය කරනවා කියන එකයි. මේ භවයක්, භවයක් පාසා අත්බැව් ජනිත කරමි...