අප හට අයිති සතුට අපට ඉබේම ලැබෙනවා.
බැලුමකින් ඉගැන් වු ජීවිත පාඩම !
50 දෙනෙකු පමණ සහභාගි උනු දේශනයක් අතර තුර, එකවර දේශනය මදකට නතර කළ දේශකතුමා, කන්ඩායම් ක්රියාකාරකමක් සදහා යොමු වුනා. සියලු දෙනා අතටම බැලුම බැගින් දුන් දේශකතුමා බැලුම මත තම තමන්ගේ නම් සටහන් කරන ලෙස පැවසුවා.ඉන්පසු ඒ සියලු බැලුම් එකතු කර වෙනත් කාමරයක් තුලට පිරවු ඔහු විනාඩි පහක් තුල තමාට අයිතිබැලුම තෝරාගන්නා ලෙස පැවසුවා. එකිනෙකා මත තෙරපෙමින්, ගැටෙමින්, තල්ලුකරමින් ඔවුන් තමාට අයත් බැලුම සොයන්නට පටන් ගත්තා. කාමරය මහා අවුල් ජාලයක් බවට පත්වුනා .එනමුත් කිසිවෙක් තමාට අයිති බැලුම සොයාගන්නට සමත් වුනේ නැහැ.
ඉන්පසු, පිරිස ඇමතු දේශකතුමා, ඔවුන් අත දැනට ඇති බැලුම මත සදහන් නම ඇති කෙනා සොයා එම බැලුම ඒ තැනැත්තාට ලබාදෙන ලෙස පැවසුවා. විනාඩි කිහිපයක් තුල ඉතා ඉක්මනින් සියලු දෙනා තමාගේ නම සදහන්, තමාට අයිති බැලුමේ උරුමකරුවන් උනා .
අවසානයේ සියලුදෙනා අමතා දේශකතුමා මෙලෙස පැවසුවා.
"අපේ ජීවිතත් හරියට මේ වගෙයි. හැම දෙනෙක්ම සෑම තැනම තමාට අයිති සතුට සොයනවා. ඒත් එය කොහි ඇත්දැයි ඔවුනට අවබෝධයක් නැහැ.
සැබවින්ම අපේ ජීවිත වල සතුට රදාපවතින්නේ අප නිසා අනික් අය කෙතරම් සතුටින් ඉන්නවාද යන කාරණාව මතයි.අප ඔවුනට හිමි සතුට ඔවුන් හට ලබාදුන් විට අප හට අයිති සතුට අපට ඉබේම ලැබෙනවා ".
නොකරපු දේ වලට මුහුන දෙන්න සිදුවීම
කෙනෙක් තවෙකුට කරන අන වින කොඩි වින වදින්නේ පෙරකල අකුසලයක් නිසාද, එවැනි අකුසල කර්ම කර නැත්නම් වදින්නේ නැද්ද, ඒවා කරන අයට ලැබෙන ප්රති විපාක මොනවාද? පිලිබඳව කෙරෙන අගනා දහම් විග්රහයක් පහත link එකේ ඇත.
https://waharaka.com/
මෙහි ඇති ඡායාරූපය ( සංස්කරණයට පෙර ) හා සටහනින් කොටසක් අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි....
එහි අයිතිය මුල් ඡයාරූප ශිල්පියා / කතුවරයා / කතුවරිය සතුය.
පූර්ණ ගෞරවය ඔහුට / ඇයට හිමි වෙි.
සංස්කරණය - තිස්ස ලියනගේ - 0718406060
No comments:
Post a Comment