දෙමාපිය, දූ - දරු සම්බන්ධතා (ගනුදෙනු) සැකසෙන සහ පියවෙන ආකාරය.
ගන්න ආව අය ඉන්නවා.
දෙන්න ආව අය ඉන්නවා.
ඔය විදියට තමයි සම්බන්ධතාව ඇති වෙලා මෙලොවට බිහි වෙන්නේ, දයාවේ කරුණාවේ මුවාවෙන් ලෝක ගණුදෙනුවේ බැඳීම විදියට.
ගන්න ආව එක්කෙනා මොකද කරන්නේ අම්මගෙන් තාත්තගෙන් කොහොමහරි, ගහලා හරි තියන එක අරගෙන සූරගෙන කාල හරි ඉන්නවා. ගන්න ආව ණය ඉවර වෙනකන් මොනව කලත් එයාව අතාරින්න බෑ, මොනව කරන්නද පොඩි එක්කෙනානේ, මගේ දරුවෙක්නේ, මොනව කිව්වත් මට ඉවසන්න පුලුවන්.
දෙන්න ආවා කෙනා කොච්චර දුන්නත් එහි වටිනාකමක් එන්නෙත් නෑ, දෙන්න ආවා පුතා ගැන අනුකම්පාව නෑ, ගන්න ආවා කෙනා ගැන අනුකම්පාවක් හැදෙනවා ණය අරගෙන ඉවර වෙනකන්. ණය අරන් ඉවර වෙනකන් පුතාගේ හිත උණු වෙන්නෙත් නෑ, අම්මගේ තාත්තාගේ හිත උණු වෙනවා ණය දීලා ඉවර වෙනකන්. දීලා ඉවර උනහම තමයි ප්රශ්න ඉවර වෙන්නේ.
අජාසත්ත රජ්ජුරුවන්ට බිම්බිසාර රජ්ජුරුවෝ ගැන හිත උණු වුණේ මැරුණයින් පස්සේ, මැරෙනකං දුක් දෙනකං දරුණු හිත. මැරෙනකම් දුක් දෙන්න, කකුල් පලලා ලුණු දාලා ඇවිද්දවන්න, කන්න දෙන්නෙ නැතුව මැරෙනකම් දුක දෙන්න, මේ කෲර හිත පියා වෙනුවෙන් අතෑරුනේ නෑ. බිම්බිසාර රජ්ජුරුවෝ මැරිච්ච ගමන් උණු වුණා. මැරුණයින් පස්සේ තාත්තා බේරගන්න, තාත්තා බේරගන්න කියලා ගියා, යනකොට මැරිලා ඉවරයි. මොකක් නිසාද අර කර්ම ගනුදෙනුවේ හැටි.
ඒ කර්ම ගනුදෙනුව ගෙවෙනකම්, කර්මය පල දෙවන්න ආපු කෙනාට ගෙවලා ඉවර වෙනකන්, ගෙවන කෙනාගෙ හිත නිදහස් වෙන්නේ නෑ. ඒකට අනුකූලව හිතක් හැදිල තමයි දෙන්න හිතෙන්නෙ. මොනවා කරන්නද දාලා යන්න බෑ, අයින් කරන්න බෑ.මේක මේ ගණුදෙනුවක්.
මෙත්තා සහගත සිතිවිල්ලක් විදියට එන ලෝක ගනුදෙනුවේ බැඳිල්ලක් ඔය. නියම කරුණාව මෛත්රිය ඕකට එහා එකක්, දෙමාපියන්ගේ යම් මට්ටමකට මෛත්රිය, කරුණාව තියෙනවා. නමුත් ආත්මාර්ථකාමීත්වය හා බැඳුණු කොටසකුත් තියෙනවා. සමහර වෙලාවට තමා වැදූවේ නැති වුණාට දරුවෙක් අරං හදාගත්ත අම්මා තාත්තෙක් උනත් තමන්ගෙම දරුවෙකුට වගේ හැඟීමක් ඇතිවෙනවා. සමහර වෙලාවට සමහර ළමයි ඉන්නවා තමන්ගෙ අම්මා තාත්තට වඩා තමන්ව හදාගත්ත අම්මා තාත්තට සලකන ඒ ගනුදෙනු වල ස්වභාවයක් තියෙනවා ඔය විදියට.
දයාව කරුණාව පොදුයි ඒකට වෙන් කරගත්ත එකක් නෑ මට උදව් කළා, මට හිංසා පීඩා කළා කියලා වෙන් කිරීමක් නෑ, සියලු සත්වයන් කෙරෙහි පොදු කරුණාවක් තියෙන එක තමා අප්රමාන මෛත්රියේ ස්වභාවය.
දෙමව් පිය වටිනා කම ලබන තැන පිලිබඳව කෙරෙන දහම් විග්රහය.
දයාවේ කරුණාවේ මුවාවෙන් ලෝක ගණුදෙනුවේ බැඳීම. පිලිබඳව කෙරෙන දහම් විග්රහයක්
පහත link එකේ විනාඩි 15.20 සිට ඇත.
පහත link එකේ විනාඩි 15.20 සිට ඇත.
මුල් අදහස පහල වූ උත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...
මෙහි ඇති ඡායාරූප ( සංස්කරණයට පෙර ) අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි....
එහි අයිතිය මුල් ඡයාරූප ශිල්පියා /ශිල්පිනිය සතුය.
පූර්ණ ගෞරවය ඔහුට / ඇයට හිමි වෙි.
එහි අයිතිය මුල් ඡයාරූප ශිල්පියා /ශිල්පිනිය සතුය.
පූර්ණ ගෞරවය ඔහුට / ඇයට හිමි වෙි.
සැකසුම - තිස්ස ලියනගේ - 0718406060
No comments:
Post a Comment