Sunday, May 24, 2020

ආහාර පිලිබදව දැනගතයුතු වැදගත් කරුනු පිලිබඳව කෙරෙන දහම් විග්‍රහයක්

ආහාර පිලිබදව දැනගතයුතු වැදගත් කරුනු පිලිබඳව කෙරෙන දහම් විග්‍රහයක් පහත link එකේ ඇත.
https://waharaka.com/listen/CD052-56

අපි ලබාගත්තාවූ ආහාරය කෙතෙක් දුරට සාධාරණද අසාධාරණද? ඒක ලබාගැනීමට ගත්තා වූ පියවර කෙතෙක් දුරට සාධාරණද අසාධාරණද කියලා හිතලා බලන්න. ඒ සත්තු පාපයන් කරලා ණය ගෙවන්න හේතු හදාගෙන, කියන එක වෙනම කාරණයක්. නමුත් කෘතීම විදියට මැදිහත් වෙලා බලෙන් ගත්තොත්, ක්‍රියාත්මක වෙලා සත්තුන්ව මැරුවොත් ඒක අසාධාරණයක්. දෙන්න ඉස්සෙල්ලා අසාධාරණයෙන් ගත්තා වෙනවා. ලෝකයට අවැඩක් අසාධාරණයක් කරල ඒවා කවදහරි තිරිසන් වෙලා හරි ලෝකයාට ආපසු ගෙවන්න සිද්ධ වෙනවා. ඒකට ණය ගෙවන්න ක්‍රමයක් යෙදෙනවා. කවුරුවත් ඔහුව බලෙන් මරන්න අවශ්‍ය වෙන්නේ නෑ. මිනිස්සු ඒකට ඇඟිල්ල ගහල පව් පුරෝ ගන්න ඕන වෙන්නේ නෑ. ස්වභාවික ක්‍රමයකින් මොකකින් හරි ක්‍රමයක් යෙදීලා ඒ සතාට මැරෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ කුනු වෙලා යන මාංශයක් වෙනවා. ඒක අසාධාරණයෙන් ගත්ත මාංශය නෙමේ. එහෙම ගත්ත එකක් තියනවා නං ඒක ප්‍රශ්නයක් නෑ. මස්මාංශ වල නෙමෙයි ප්‍රශ්නය තියෙන්නේ මරලා ගත්තොත් ඒක අවැඩක් අසාධාරණයක්. ඒක අසාධාරණයෙන් ගත්ත මාංශයක් නම් එය අතහරින එක තමයි වඩා හොඳ. සප්ත සතක දානයක් දෙන්න රටේ රජ්ජුරුවෝ තීරණය කලහම, ඒකට වඩිනවද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අනෙක් හාමුදුරුවෝ ඇහුවහම, එළුවන් ගවයන් ආදි විවිධ සතුන් මරා සකස් කළා වූ දේ යහපත් සේ සකස් කරන ලද දෙයක් නොවන නිසා බුද්ධාදී උත්තමයෝ ඒ දානෙට වඩින්නෙ නෑ. හාමුදුරුවන්ගේ දානෙට කියල වෙන්කරලා තිබුණේ නැහැ නමුත් ඒක හැදුවේ සත්තු මරලා, ඒ නිසයි එක අසාධාරණයෙන් මරා සකස්කර ගැනීමක් කියන්නේ.
එහෙම එකක් නෙමෙයි කිරි ගැනීම කියන්නේ. ඒකෙදි යම්කිසි විශේෂ ක්‍රමයක් තියෙනවා, මසින් ණය ගෙවන්න ඉපදෙන සත්තු වගේම, කිරෙන් ණය ගෙවන්න ඉපදෙන සත්තු ඉන්නවා. ඒකට හේතුකාරක වන්නාවූ ක්‍රමයක් ඒ සත්තුන්ට හැදිලා ඒ ක්‍රමයට දෙන ක්‍රමයක් තියෙනවා හරකට සාත්තු කරලා තණකොළ කපල දීලා මහන්සිවෙලා ඒ ටික කලහම ඒ සතාගේ කිරිටික හතර පස් ගුණයක් වැඩී පැටියට බොනවට වඩා, පැටියට එච්චර බොන්නත් බෑ, බොන්නත් හොඳ නෑ බිව්වොත් එහෙම ඒ සතාට පණු අමාරුව හරි හැදෙන්න පුළුවන් පැටියට. ඒ වගේ වෙලාවට පැටියට බොන කිරි ප්‍රමාණය අතහැරලා තමන් සාත්තු කරල වැඩිපුර කිරි අරගත්තොත් ඒක අසාධාරණ ක්‍රමයක් නෙමෙයි. සතාගේ ණය ගෙවන ක්‍රමයක් ඒක අසාධාරණයෙන් ගත්ත එකක් නොවන නිසා ප්‍රශ්නයක් නෑ.
නමුත් මේ වගේ දේවල් හෙවත් සත්ත්ව ආහාර ගන්නකොට අවශ්‍යතාවයක් ඇත්නම් ගන්න එක විතරයි කරන්න ඕනේ. ඔය සප්ත ප්‍රණීත කියලා සතුන්ගෙන් ගන්න කොටසක් තියනවා. ඒවා පාවිච්චි කරනවා නම් තමන්ගේ ශරීරයට අසනීපයක් තියනවා නම් හෝ අඩුවක් තියනවා නම් හෝ තමයි ගන්න ඕන. එහෙම නැතුව ගන්න යනකොට මේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා පෝෂණය ලැබෙනවා. අවශ්‍ය ප්‍රමාණයට පෝෂණය ගන්න ඕන එකට අනවශ්‍ය ප්‍රමාණයට පෝෂණය ගන්න ගියොත් ඒකත් ශරීරයේ ප්‍රතිශක්තියට බාධාවක් වෙන්න පුළුවන්. ශරීරයට දෙන ආහාර සමග තරඟ කරලා තමයි, මේ බාහිර පරිසරයත් එක්ක තමයි ප්‍රතිශක්තිය හදාගන්නෙ.
අධික පෝෂණයක් දුන්නේ ඇඟේ අසනීපයක් තියෙනවනම් දුර්වලතාවයක් තියෙනවනම් විතරයි.

මෙහි ඇති ඡායාරූප ( සංස්කරණයට පෙර ) අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි....
එහි අයිතිය ඡයාරූප ශිල්පියා සතුය.
පූර්ණ ගෞරවය ඔහුට / ඇයට හිමි වෙි.

සැකසුම - තිස්ස ලියනගේ - 0718406060


No comments:

Post a Comment

ජාතක කියන්නේ

ජාතක කියන්නේ ජා + අත්ත + ක ජා කියන්නේ ජනිත කරනවා අත්ත කියන්නේ අත් බැව ක කියන්නේ ක්ෂය කරනවා කියන එකයි. මේ භවයක්, භවයක් පාසා අත්බැව් ජනිත කරමි...