Sunday, May 24, 2020

ධර්මය තියෙන්නෙ තමන්ට ගැලපෙන න්‍යාය තුලින් ඇත්ත දැකගන්නයි

ධර්මය තියෙන්නෙ තමන්ට ගැලපෙන න්‍යාය තුලින් ඇත්ත දැකගන්නයි,

පිලිබඳව කෙරෙන අගනා දහම් විග්‍රහයක් පහත ලින්කුවේ
( link එකේ ) ඇත. විනාඩි 7.00 සිට අවසානය දක්වා අසනු මැනවි.

https://www.waharaka.com/listen/CD056-10

ඇහැට පෙනිල, කනට අහල... නාසයට, දිවට, ශරීරයට දැනෙන ටිකෙන් ගන්න දත්ත යන්ගෙන් ඇත්ත දකින්න බෑ. ඔය මායාවන් ඉක්මවලා ප්‍රඥාවෙන් යතාර්ථය දකින කොට තමයි මේ මායා රටාවල් ගොඩ නැගෙන හේතු ඵල සිද්ධාන්තයන් දකින්නෙ.
ධර්මය තියෙන්නෙ කටපාඩම් කරලා ඉගෙනගෙන වාද කරන්න නෙවෙයි. තමන්ට ගැලපෙන න්‍යාය තුලින් ඇත්ත දැකගන්නයි.
උත්සාහ කරන්න කිව්වෙ කටපාඩම් කරන්න නෙවෙයි. ඒ නිසා තමයි චුල්ලපන්තක හිමියන්ට දහම් දකින න්‍යාය දුන්නෙ. ඉගෙනගෙන නෙවෙයි නිවන් දකින්නෙ, යතාර්ථය දැකගෙනයි නිවන් දකින්නෙ.

මෙහි ඇති ඡායාරූපය ( සංස්කරණයට පෙර ) උපුටා ගැනීමකි....
එහි අයිතිය ඡයාරූප ශිල්පියා සතුය.
පූර්ණ ගෞරවය ඔහුට හිමි වෙි.

සැකසුම - තිස්ස ලියනගේ - 0718406060


No comments:

Post a Comment

ජාතක කියන්නේ

ජාතක කියන්නේ ජා + අත්ත + ක ජා කියන්නේ ජනිත කරනවා අත්ත කියන්නේ අත් බැව ක කියන්නේ ක්ෂය කරනවා කියන එකයි. මේ භවයක්, භවයක් පාසා අත්බැව් ජනිත කරමි...