මොකක්ද මානය? මොකක්ද දෘෂ්ටිය?
පිරිසක් එක්ක පිනක් කරලා ප්‍රසිද්ධ කරන්න.
මානය කියන්නේ
කාටවත් පුලුවන්ද මං වගේ දාන දෙන්න, ඔයාලගෙ පරම්පරාවේ කවුරුවත් මේ වගේ මහා දාන දීලා තියනවද, මේක අයිති වෙන්නේ මානයට.
දෘෂ්ටිය කියන්නේ
ඔය තමන්ගේ නම කියවගන්න නේ, නැත්තං පින් කරන්න නම දාන්න ඕන නෑ. මම පින් කරන්නේ මට දැනගන්න කවුරුවත් ඒක දැනගන්න ඕන නෑ, මම පින් කෙරුවාම මට පින තියෙනවනේ කියලා මම දන්නවනේ, ඒක දෘෂ්ටියක්. මම නං පින් කරනකොට කාටවත් කියන්නේ නෑ මගේ නම දාන්නත් එපා ඕනනම් උපාසක මහත්තයෙක් කියලා දාගන්න,( කැමරාව පැත්තකින් තියලා පින් කරන්න වගේ ඒවා ) ඒක දෘෂ්ටියක්.
මානය ඉපදෙන විදියට නොකිව යුතුයි, ලෝකයට යහපත වන අයුරින් කිව යුතුයි. මේ පින් අනුමෝදන් වීම හරි වැදගත් දෙයක්. අහල තියෙනවා නේද ජේතවනාරාමය හදනකොට දුප්පත් මනුස්සයෙක් ඒක දිහා බලාගෙන ඉඳලා පින් අනුමෝදන් වුණු විදිය( වැඩි විස්තර පහත link එකේ තියනවා ). කවුරුහරි විශාල මුදලක් දීලා වියදම් කරලා පිනක් කරනකොට අනේ අපිට කොයින්ද ඔය සල්ලි ඔය ලොකුකමට නේ දීලා නම කියවගන්න නේ ඔය කරන්නෙ කියල හිතුවොත් එයාට යන යන තැන හිඟාකන්න වෙයි ඒක පාපයක් මානෙන් පහත් කළා.
මානයෙන් තොරව දෘෂ්ටියෙන් තොරව මේ ධර්මය ලෝකයට කියල දෙන්න ඕන. කිවයුතු තැනත් දැනගන්න ඕන, නොකිව යුතු තැනත් දැනගන්න ඕන. මානයයි දෘෂ්ටියයි අයිති වෙන්නේ අවිද්‍යාවට. මුල පිරිසිදු මැද පිරිසිදු උනාට අග පිරිසිදු වෙන්නෑ මානයයි දෘෂ්ටියයි තිබ්බොත්. පිනක් කරලා ඉවර වුණාට පස්සේ පිරිසිදුව පවත්වන ක්‍රම රටාව මානයෙන් හෝ දුෂ්ටියෙන් හෝ පවත්වන්න ගියොත් එතන කිළිටි වෙනවා.
මට වත්කම් තිබුණු නිසා අද මම මෙබඳු පිනක් කළා නමුත් මේ පින කරගන්න බැරි බොහෝ පිරිසක් ඉන්නවා මේ කරපු පින ඒ අයට කිව්වොත් ඒ අයත් සතුටු වුනොත් අනේ සාදු කියලා අනුමෝදන් වෙයි, ධනය නැති කෙනා, ධනය ඇති කෙනා කළ පින් කම කෙරෙහි චිත්ත ප්‍රසාදයෙන් අනුමෝදන් වීම නිසා ඒ අයට කවදහරි මහා ධනස්කන්ධයක් ලැබෙන්න හේතුවෙනවා. මේ දුගී දුප්පත්කම නැතිවෙලා සැනසිල්ලේ නිවන් දකින්නත් හේතු යෙදෙන්න පුළුවන්. නිවන ප්‍රඥාවෙන් ලැබෙන්නෙ, පිනෙන් සුඛෝපභෝගීත්වය ලැබෙනවා.
මට කවුරුවත් ඕනෙ නෑ මං තනියෙන් දන් දෙන්නම් ඒක එක්තරා දෘෂ්ටියක්. අනිත් අය සම්බන්ධ කරගන්න ඕනෙ නෑ දානයට, මං මට ඕනෑ හැටියට පුද්ගලික මුදලින් දානෙ දෙන්නම්, අන්න එහෙම හිතලා දානයක් දුන්නොත් තමන්ට සම්පත් ලැබෙනවා, පිරිස් සම්පත් ලැබෙන්නෑ, ඊට පස්සේ සම්පත්තියට සල්ලි තිබුනට පිනක් දහමක් කරගන්න පිරිස් එකතු වෙන්නේ නෑ, අඩු ගානේ දානෙට බත් ටික හදා ගන්න එන්න කියලා කාටවත් කිව්වොත් අල්ලපු ගෙදර කෙනාවත් එන්නෙ නැතිවෙන්න පුළුවන් තමන් තනි වෙනවා. මේ වෙලාවට හිතෙනවා සල්ලි නැති වුනත් කමක් නෑ පිරිස් එකතු වෙලා සාමූහිකව, සමහර වෙලාවට එක්කෙනෙක්ගෙ වචනෙට හුඟක් පිරිස් එකතු වෙලා මහා පිනක් කරගන්න පිරිස් එකතු වෙනවා, ඒ වගේ වෙලාවට ධනවත් කෙනෙක් වුණත් තමන්ට පිරිස් එකතුකර ගන්න බැරිනං මට ධනය තියෙන එක ඇත්ත ඒ උනාට මට පිරිස් සම්පත් නෑ, පිරිස් සම්පත්තිය කොච්චර වටිනවද ඒ පිරිස එකතු වෙලා එක්කෙනෙකුට කරන්න බැරි මහා යහපතක් කළා ලෝකෙට, සාසන අභිවෘද්ධියට කළා කොච්චර යහපතක් ද, ඔබට යහපතක්ම වේවා, ඔහුට යහපතක්ම වේවා කියල හිතල සන්තෝස වෙන්න පුලුවන්නම් ඕකට කියනවා අනුමෝදනාවක් කියලා. ඔය අනුමෝදනාව කරන්න පුලුවන්නම් අවංකව, නැති පරිවාර සම්පත්තියක් ඇතිවෙන්න හේතු වෙනවා තමන්ට. අනුන් කරපු එකේ පින තමන්ට ලබාගන්නේ ඔහොමයි.
මම කරපු පින අනිත් අයටත් ඇහෙන්න ඒක කියන්න කියලා මමම කියනවා, දේශකයාණන් වහන්සේලා හෝ දේශක තුමන් හෝ කවුරු උනත් කමක් නෑ මගේ නම ගම දීලා මම කරපු සත්කාරය විස්තර කරලා දෙන්නේ ඕකට සතුටුවෙන ලෝකයාට, විශාල ශාන්තියක් මටත් වඩා ඒ අයට ලබාගන්න පුළුවන්, එහෙම ලබා ගන්නවා නම් ඒ සත්ත්වයන්ට මොන යහපතක් ද කියලා හිතලා දයානුකම්පාවෙන් මේ අනුමෝදනාව කරන්න පුළුවන්.අන්න එහෙම කරන කෙනෙකුට බැරිවෙලාවත් හරි කවුරු හරි කිව්වොත් එයාගෙ ලොකු කම පෙන්නන්න නම කියෙව්වා, මොකක්ද වෙන්නෙ විශාල විනාශයකුත් කරගන්නවා මහා උපවාදයක් කරගන්නවා.
නොපෙනෙන ලෝකයේ සන්තෝෂ වෙන්න බලාපොරොත්තු වෙන පිරිස ඒ ගැන තමන්ගෙන් අවසරය ලැබෙනකොට ඉතාම සන්තෝෂ වෙනවා තමන් හංගන්නෙ නැතුව තමන් කළ පින විවෘත කලා නම්, අනේ සාදු කියලා සන්තෝෂ වෙන පිරිස නොපෙනෙන ලෝකයේ කෝටි ප්‍රකෝටි ගණනින් ඉන්නවා. අප්‍රමාණ දිව්‍ය, බ්‍රහ්ම පිරිස, ඥාතීන් මැරිලා ඒ ලෝකවල ඉන්න අය, භූත කොට්ඨාස ඒ කෙරෙහි සන්තෝෂ වෙලා ලබන ශාන්තිය අප්‍රමාණයි.
අනුමෝදනය වැළැක්වූවිට ලෝකයට යහපත වෙන්න තියෙන එක වැළැක්වෙනවා, තමන්ගෙන් පින් ගන්න ඉන්න අයට ඒ පින අනුමෝදන් වීම වැළැක්වෙනවා, තමන්ගේ පුංචි වචනයකින් තමා විසින් ඉඩ දුන්නේ නැති නිසා මහා යහපතක් වෙන්න තිබ්බ එක වැළැක්වූවා වෙනවා තමන්ටත් ඔය හේතුවෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා කවද හරි, හොඳ කරපු එක ලැබෙනවා හැබැයි ලැබුණු ඒකෙන් නියමාකාරයෙන් ප්‍රයෝජන ගන්න තමන්ට විදිහක් නෑ, පිරිසක් නැතුව යනවා. උදාහරණයක් විදිහට ඔබ කාටවත් කියන්නැතුව ශාසනය උදෙසා ඉඩමක් පූජා කෙරුවයි කියලා හිතන්න ඒකෙ ආනිසංශය ට ඔබට ඉඩම් ලැබෙයි හැබැයි ඒ ඉඩම් වල වගා කර ගන්න කෙනෙක් නැතුව ඒවා කැලෑවට යයි පිරිස නැතුව.
දැන් තේරෙනවා නේද අනිත් අයට කියන එක කොච්චර යහපත ද කියලා ප්‍රසිද්ධියේ අනුමෝදන් කරන එක කොච්චර වටිනවද කියලා.
පිං අනුමෝදන් කරවීමේ වටිනා කම පිලිබඳව කෙරෙන අගනා දහම් විග්‍රහයක් පහත link එකේ ඇත.
https://waharaka.com/
සැකසුම - තිස්ස ලියනගේ - 0718406060
No comments:
Post a Comment