තත්පරයක්වත්, තත්පරයක්වත් මෙත් වඩන්න බලන්න හැමදාම.
සසර ගමනට වැටෙන වහල් සේවයෙන් සදහටම මිදී නිදහස් වෙන්න.
ඔබ, වහල් සේවයේ යෙදෙන වහලෙක් බව, ඔබ දන්නවද ?
ඔබට නීවී සැනසෙන්න, පහත ධර්මයයි මමයි link (ලින්ක්) එකේ ඇති ධර්ම දේශනා මහෝපකාරී වනු ඇත.
https://drive.google.com/
අනන්ත සංසාරයේ පටන් අපි අවිද්‍යා සහගත විඤ්ඤාණය අපගේ ස්වාමියා කරගෙන ඒ විඤ්ඤාණය නැමති ස්වාමියාට අප්‍රමාණව වහල්කම් කර කර ආපු සසර ගමනක අපි ඉන්නෙ. විඤ්ඤාණය අපිට අණ දෙනකොට ලස්සන රූප බලල මාව පිනවපන් කියල අපි ඒකට දඟලනව. මිහිරි ශබ්ද අහල මාව පිනවපන් කියන කොට අපි ඒකට දඟලනව. මේ විදියට පංච කාමයම ඇසුරට දීල මේ විඤ්ඤාණය පිනවන්න හැදුවත් ඒක හරියට අඩිය නැති භාජනයක් ජලයෙන් පුරවන්න කොච්චර දැගලුවක් බින්දුවක් වත් පිරවෙන්නෑ වගේ කොච්චර කරත් මාත්‍රයකින් වත් තෘප්තියක් නැහැ.
ඉතින් මේ විඤ්ඤාණය තමන්ගෙ ආස්වාද භුක්තිය ලබාගන්න අපිට අණදෙනව ආස්වාද වලට පොර කන්න කියල. ඒවට පොරකන්න ගිහින් අපිව දස අකුසල් කරන්න පොලඹවනව. ඒ නිසාම සතර අපාගත වෙලා අප්‍රමාණව දුක් විඳින්න සිද්ද වෙනව. අපි මේ විඤ්ඤාණය කියන කියන විදියට පොඩ්ඩක් වරද්දන්නැතිව අප්‍රමාදීව වහල් සේවයෙ යෙදෙනව. නමුත් අපිට මාත්‍රයකින් වත් ලැබෙන සැනසීමක් නම් නැහැ.
ආස්වාද භුක්තිය ලබාගන්න කියල මේ හදාගත්ත කයක් තියෙනව. මේක අප්‍රමාණ පෙලීම් පිඬක්. මේ පෙලීම් පිඬක් වෙච්ච කයටත් ඇප උපස්ථාන කර කර මේක තියාගෙන ඉන්න වටපිටාවත් සුද්ද පවිත්‍ර කර කර මේක නඩත්තු කරන්න හරි හම්බ කර කර අපි ආස්වාද පස්සෙ යනව. අපි විඤ්ඤාණයේ වහලෙක් බවට පත්වෙලා ඉන්න තාක් කල් මොනතරම් දුක් කන්දරාවක් විදින්න උනත් මාත්‍රයකින් වත් නිවීමක් සැනසීමක් නොලැබුනත් මේ වහල් වැඩ වලින් අපිට ගැලවීමක් නැහැ.
අති දුර්ලභව ලොව පහල වෙන සම්බුදු රජාණන් වහන්සේ නමක් පහල වෙලා මේ අති භයානක අප්‍රමාණ දුක් කන්දරාවක් විඳින්න වෙන අනාථ සසර ගමනකට වැටෙන වහල් සේවයෙන් සදහටම මිදී නිදහස් වෙන්න මග පෙන්වලා තියෙනව. ඒ උතුම් නිවන් මග අද විවර වෙලා තියෙනව. මේ ලැබුන දුර්ලභ අවස්ථාව මග හැරගන්න එපා ! ඔබත් කලණ මිතුරන් හමුවෙන් ඒ උතුම් සද්ධර්මය ශ්‍රවනය කරල තුච්ච වූ නින්දිත වූ ලාමක වූ ඒ අනාථ වහල් සේවයෙන් සදහටම මිදී නිදහස් වන්න අප්‍රමාදී වන්න ! තෙරුවන් සරණයි !
මෙහි ඇති ඡායාරූපය ( සංස්කරණයට පෙර ) හා සටහනින් කොටසක් උපුටා ගැනීමකි....
එහි අයිතිය මුල් ඡයාරූප ශිල්පියා / කතුවරයා / කතුවරිය සතුය.
පූර්ණ ගෞරවය ඔහුට / ඇයට හිමි වෙි.
සංස්කරණය - තිස්ස ලියනගේ - 0718406060
No comments:
Post a Comment