Sunday, May 24, 2020

හිතින් මවලා මහා දානයක් දෙන්න, ඔබටත් පුළුවන්

පෝදා දහම් සිතුවිල්ල

හිතින් මවලා මහා දානයක් දෙන්න, ඔබටත් පුළුවන්.

දවසක් ත්‍රිවේද දේව චක්‍රවර්ති රජ්ජුරුවන්ට හිතුනා, හිතින් මවලා මහා දානයක් දෙන්න. කොහොමද ඒ දාන‍ෙ දෙන්නෙ, ඉකුත් පිරිනිවන් පෑ සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා, පසේබුදුරජාණන් වහන්සේලා, අරිහතුන් වහන්සේලා මේ සියලුම ආර්යයන් වහන්සේලා එකතු කරලා හිතින් මවලා මහා දානයක් දෙන්න. ත්‍රිවේද දේව චක්‍රවර්ති රජ්ජුරුවන්ට විශේෂ හැකියාවක් තිබුණා සිතින් මවලා කැමති දෙයක් පූජා කරන්න. ඒ සඳහා උන්වහන්සේ සිතින් හිතුවා මේ ලෝකයේ යම්තාක් රන්, රිදී, මුතු, මැණික් ඇත් ද ඒ සියල්ල එකතු කරලා මා ඉදිරියේ මහා කඳු සේ මැවේවා, දැන් උන්වහන්සේට පේනවා රත්තරන්, මුතු, මැණික් කඳු තමන් වහන්සේ ඉදිරියේ මැවිලා තියෙනවා, මේ සියල්ල මනසින් මවන්නේ. ඊට පස්සේ උන්වහන්සේ මම අද මේ මහා දානයක් දෙන්න හදන්නේ ඒකට විශාල ආවාසයක් මැවේවා, රන් රිදී මුතු මැණික් කඳු භාවිතා වෙලා විශාල ආවාසයක් මැවිලා තියෙනවා පේනවා. දැන් මේ ආවාසය සියලු ආකාරයෙන් පරිපූර්ණයි මේ මහා දානය දෙන්න අවශ්‍ය සියලු දාන ආම්පන්න මැවෙනවා, කිසි දෙයක් අඩුවක් නැතුව ලැබෙනවා ඒ වගේම දානයත් කිසිදු අඩුවක් නැතුව මැවේවා, ඒ සඳහා උදව් කරන පරිවාර සම්පත්තිය කුත් මැවේවා කියල හිතනකොටම මහා දානයක් පිරිවර සම්පත්තියක් මැවිලා තියෙනවා පේනවා.

ඉකුත් පිරිනිවන්පෑ සියලු ම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා තමන් වහන්සේලාගේ පිරිවරත් සමග සියලුම පසේ බුදුරජාණන් වහන්සේලා, මහා රහතන් වහන්සේලා මේ මෙම ස්ථානයට වඩිනවා හිතින් මවලා දකිනවා, මේ විදිහට මනසින් ආරාධනාවක් කරනවා, දැන් හිතින් මවලා දකිනවා උන්වහන්සේලා වඩිනවා. බොහොම ගරුත්වයෙන් උන් වහන්සේලාගේ පා දෝවනය කරනවා, පා පිහිදානවා, ඒ ආදී සියලු ගරු සත්කාර කරනවා හිතින් මවලා දකිනවා. එක සක්වලක එකවර පහළ වෙන්නේ එක් බුදුපියාණන් වහන්සේවහන්සේ නමක් උනාට මේක හිතින් හිතලා දෙන විශේෂ දානයක් නිසා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් වඩිනවා කියලා හිතින් දකින්න පුළුවන්. මෙහෙම ඇත්තටම වඩම්මන්න බෑ, හැබැයි මනෝමය වශයෙන් විතරයි කරන්න පුළුවන්, ඊට පස්සේ උන්වහන්සේලාට මහා දානය පූජා කරල උන්වහන්සේලා දානේ වළඳන ආකාරය වෙනත් මහ මන්දිරයක ඉඳගෙන බලාගෙන ඉන්න විදියට හිතින් මවලා දකිනවා. උන්වහන්සේලා දානේ වළඳන ආකාරය බොහොම චිත්ත ප්‍රසාදයෙන් බලාගෙන ඉන්නවා, ඊට පස්සේ සියල්ලෙන් සම්පූර්ණ අතුරුපස පූජාවකුත් හිතින් මවලා කරනවා, කිසිදු අඩුවක් නොවන ආකාරයට හිතින් මවලා මහා පිරිකර පූජාවකුත් කරනවා.
ඔබටත් මේ හිතින් හිතලා තමන්ට පුළුවන් විදියට මවමව පූජා කරන්න පුළුවන්, කිසි කෙනෙකුට දෙන්න බැරි තරමට සියල්ල මවලා දන් දෙන්න.
මං දන් දුන්න මේ මහා දානයේ ආනිසංසයෙන් ගොඩනැගුණා වූ සියලු පින් කුසල් මේ දානය දැකබලාගන්න මෙතෙන්ට ආවා වූ එන්න බැරි වුණා වූ සියලු දිව්‍ය බ්‍රහ්ම පිරිස් මේ පින අනුමෝදන් වෙත්වා, අනුමෝදන්වී සුඛී සුවපත් වෙත්වායි මහා අනුමෝදනයකුත් කරනවා. මේ මහා දානය දැකබලාගන්න මෙතෙන්ට ආපු සියලුම දිව්‍ය බ්‍රහ්ම පිරිස් මෙතෙන්ට එන්න බැරි වුණා වූ සියලු දිව්‍ය බ්‍රහ්ම පිරිස් වෙත ගොස් ඒ අයටත් මේ දානයේ පින කුසලය අනුමෝදන් කරත්වා, මේවා මේ විදියටම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්, වඩා වැදගත් වෙන්නේ තමන් තුල ඇති වුණා වූ චිත්ත ප්‍රසාදයයි.
බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා එදා මම දුන්නු ඒ දානයේ ආනිසංසයෙන් මට අනන්ත සසර පුරා අත දිගු කරන සැනින් ලැබෙන්න පටන් ගන්නවා, ඉතින් මේ විදියට ඔබටත් හිතින් හිතලා දන් දෙන්න පුළුවන්.මේක විශේෂ මනෝමය පූජාවක්.

මෙහි ඇති ඡායාරූප ( සංස්කරණයට පෙර ) අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි....
එහි අයිතිය ඡයාරූප ශිල්පියා සතුය.
පූර්ණ ගෞරවය ඔහුට / ඇයට හිමි වෙි.

සැකසුම - තිස්ස ලියනගේ - 0718406060


No comments:

Post a Comment

ජාතක කියන්නේ

ජාතක කියන්නේ ජා + අත්ත + ක ජා කියන්නේ ජනිත කරනවා අත්ත කියන්නේ අත් බැව ක කියන්නේ ක්ෂය කරනවා කියන එකයි. මේ භවයක්, භවයක් පාසා අත්බැව් ජනිත කරමි...