Sunday, May 24, 2020

සිහි කරන්න ගියාම ආර්ය මාර්ගය වැඩෙනවා

සිහි කරන්න ගියාම ආර්ය මාර්ගය වැඩෙනවා.

මෙනෙහි කරන්න ගියාම සසර වැඩෙනවා.

හුඟක් අය නිතරම දන්නෙම නැතුව තමන්ගේ අතීතයට යනවා. ඒ වෙලාවට මොකක්ද කරන්න ඕන කියලා පහත දක්වලා තියෙනවා.

කොහොමද අතීතය සිහි කරන්නේ, ඇයි අතීතය මෙනෙහි නොකළ යුත්තේ?

සිහි කිරීම

මම පෙර යම් ආශ්වාදයක් විඳින්න ගිහිල්ලා ඒ හේතුවෙන් මට මෙන්න මේ දුක් විඳින්න සිද්ධ වුණා, ඒකෙන් මොනව හරි කායික වශයෙන් හෝ මානසික වශයෙන් හෝ පෙළෙන එකකට කොටුවෙන්න වුණා, අන්න එහෙමයි සිහි කරල බලන්නේ. අපි උදාහරණයකට බුදුරජාණන් වහන්සේ සඳකිඳුරු ජාතකය දේශනා කරපු එක අරන් බලමු, සඳ කිඳුරු ජාතකය ගත්තාම අද ඉන්න අය ගන්නේ කිඳුරා කිඳුරියට තිබ්බ ආදරය, කිදුරිය කිඳුරාට තිබ්බ ආදරය ගැන හිතලයි. නමුත් ඒ කෙනෙක් මැරිලා අනික් කෙනා දුක්වින්ද හැටි, හැපුණු වැලපුන හැටි සිද්ධ වෙච්ච දුක් වේදනා ඒක ගැන බලන්නේ නෑ, අර වගේ ආදරයකින් ඇළුම් කරන්න ගිහින් තමයි අන්තිමට මහා දුකකින් සංවේගයකින් තැවෙන්න උනේ අන්න එහෙමයි බලන්න ඕනේ. අද සුන්දර ආදර කතාව ගැනයි බලන්නේ එතනත් මුලාව, එදා වුණෙත් කිඳුරා මැරුණයි කියලා දුක් විඳින්න වුන ඒකයි, අද කරන්නෙත් තමන්ගේ ස්වාමි පුරුෂයා මැරුණා, දාලා ගියා කියලා දුක් විඳින එක නෙමෙයි ද?

සසරේ හැටි යථාර්ථය දැක්කෙ නැති කෙනා ඔය මොනවා ඇහුවත් එයා ගන්නේ තමන් ඉන්න දිට්ඨියටයි. ඒ කැමැත්ත නිසා, තමන්ම මුලාවෙන් ගොඩනගාගත්ත එකක් නිසා තමයි මෙච්චර දුක් කන්දරාවක් විදින්න වුනේ, ඇයි මම ඒ කැමැත්ත පස්සේ ගියේ කියලා දකින්න, ඒක සිහිකිරීමයි.

මෙනෙහි කිරීම

මතක් කරනවා කියන්නේ, මම ඒ කාලේ මෙහෙමයි ඉස්කෝලේ ගියේ, යනකොට මේ විදියට ගියේ ආයෙ එහෙම කාලයක් එයිද, මතක් කර කර ආශ්වාදය විඳිනවා. මතකය කියන්නේ මැරිච්ච එකක්නෙ, මතකය කියන්නේ මෘත කයනේ.

සිහි කිරීම, මෙනෙහි කිරීම පිලිබඳව කෙරෙන අගනා දහම් විග්‍රහයක් පහත link එකේ ඇත.



මෙහි ඇති ඡායාරූපය ( සංස්කරණයට පෙර ) අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි....
එහි අයිතිය ඡයාරූප ශිල්පියා /ශිල්පිනිය සතුය.
පූර්ණ ගෞරවය ඔහුට / ඇයට හිමි වෙි.

සැකසුම - තිස්ස ලියනගේ - 0718406060




No comments:

Post a Comment

ජාතක කියන්නේ

ජාතක කියන්නේ ජා + අත්ත + ක ජා කියන්නේ ජනිත කරනවා අත්ත කියන්නේ අත් බැව ක කියන්නේ ක්ෂය කරනවා කියන එකයි. මේ භවයක්, භවයක් පාසා අත්බැව් ජනිත කරමි...