Sunday, May 24, 2020

මේ දවස් වල ගෙදර ඉඳලා එපා වෙලාද, කම්මැලිද?

මේ දවස් වල ගෙදර ඉඳලා එපා වෙලාද, කම්මැලිද ?

හිත ටිකක් නිස්කලංක කරගන්න කැමතිද ?

එහෙනම් හිත නිශ්කල + අංක, නිස්කලංක කරගන්න.

කොහොමද හිත නිස්කලංක වෙන්නේ

අංක දෙනවයි කියන්නේ වටිනාකම් දෙනවයි කියන එකයි. මේක මෙච්චර වටින දෙයක් කියලා අදහස් ගන්නවා. අංක නිෂ් කරනවා කියන්නේ ( නිෂ්ක්‍රීය කරනවා ) වටිනාකම් දෙන්නේ නැතුව ඉන්නවා කියන එකයි. වටිනාකමක් නොදෙන්න නං ඒකෙ ඇති අසාර බව දකින්න ඕන. ලෝකයේ දේවල් වටිනවයි කියල ගත්ත අදහස, අසාරයි කියලා තෝරගන්න එකයි කරන්න ඕන. වටිනවා වටිනවා කියලා හිතාගෙන ඉන්න සාරයි සාරයි කියලා හිතාගෙන ඉන්න දේවල් මහා කුණුගොඩවල්, හරයක් නැති අසාර දේවල්, ඔන්න ඔය අවබෝධය එන එකයි දහම් අවබෝධය කියන්නේ.

අසාර අර්ථයෙන් ලෝකෙ දකින්නේ කොහොමද ?

භාර්යාව කිව්වත් ස්වාමිපුරුෂයා කිව්වත් දුව පුතා කිව්වත් මේ හැමදේම අසාර අර්ථයෙන් දකින්න ඕන. ඒ දකින්න නම් ඒ ස්වභාවය හරියට මෙනෙහි කරන්න ඕන, අසාර වුණු ආකාරය. විවිධ ක්‍රම තියෙනවා අසාර බව දකින්න. අපි බලනවා අපේ ආච්චිලා සීයලා හිටියේ නැද්ද දැන් අවුරුදු සීයකට විතර කලින් හිතලා බලනවා, ඒ හිටිය අය කෝ ඒ හදපු ගේ කෝ ඒගොල්ලො වවපු වැවිලි කෝ මේ විදියට බලාගෙන යනකොට ඒගොල්ලොත් ඉවරයි ඒගොල්ලන්ගෙ දරුවොත් නෑ, හදපු ගේ දොරත් විනාස වෙලා, වටිනවයි කියල කරපු හැම දෙයක්ම දැන් නෑ කාගෙවත් ඇටකටු වත් නෑ, ඒවත් දිරලා නමක් විතරක් තියෙනවා. පරම්පරාවේ මෙහෙම අය හිටියා කියලා මෙහෙම දේවල් කළා කියලා කියනවා විතරයි ඒ අය කොහේ ඉන්නවද දන්නෙත් නෑ.

ඒ අය ඒ මොකකට හරි ආසාවෙන් ඡන්දරාගයෙන් බැඳිලා මලොත් එහෙම සමහර වෙලාවට බල්ලෙක් බළලෙක් වෙලත් උපදිනවා. තව සැරයක් දෙකක් තිරිසන් අත්භවයක ගියොත් එහෙම, ආයෙ ලේසියෙන් මනුස්ස අත්භවයක ට එන්න හම්බ වෙන්නේ නෑ, හැබැයි අර කැමැත්තෙන් ඇසුරු කළ පැති වලම තමයි ඉපදෙන්නෙත් බොහෝ වෙලාවට. ඉතින් ආච්චි සීයා ඔක්කොම ගේ හදලා කියලා අයිතිවාසිකමක් කිය කිය ඉඳලා දුවට පුතාට බාරදීලා ඡන්දරාගයෙන් මැරුනොත් එහෙම බල්ලෙක් බළලෙක් වෙලා එන්න පුළුවන් කැරකිලා ධර්මතාව පරිදි ඒ ගෙදට්ටම. දැන් මොකද වෙන්නේ අන්න අපේ තාත්තා ඇවිල්ලා ඉක්මනට පිළිගන්න ගිහිල්ලා කියලා කියයිද, ගෙදර හදන සතෙක් නෙමෙයි නං අල්ලපු ගෙදර සතෙක් නම් ගත්තා පොල්ලක් දුන්නා, ඊට අවුරුදු හතරකට පහකට කලින් ඒ කවුද කියලා බැලුවොත් අනේ මගේ සීය නේ තාත්තා නේ කියලා අත ගගා හිටපු කෙනානේ, දැන් මෙහෙම අනාථ ලෝකයක් අපි දන්නෑ මැරුණු කෙනා කොහේ ඉන්නවද කියලා කවුරු වෙලාද ඉන්නේ කියලා, වෙලාවකට මව වෙලා ඉන්නව දූවරු පුත්තු මුනුපුරු මිනිපිරි වෙලා ඉන්නවා හැබැයි හැමදාම ඒ අය දුවත් නෙමෙයි පුතත් නෙමෙයි, ඔය නෑකමක් අවුරුදු කීයකට ද?

මගේ ඇස්දෙක කියනවා ඒ උනාට ඇස් දෙක මටපාලනය කරගන්න බෑ ඒක අන්ධ වෙනවා මොනවා කරන්නද මට පාලනය කරන්න බෑ.

මේ වගේ වෙලාව දී දකින්න ඕනේ තමාට තමා වත් නෑ, මේ ශරීරයට මේ ශරීරය වත් නෑ. මම කියනවා, මගේ කියනවා, මම මෙහෙම කෙනෙක් කිව්වට ඒ එකකින්වත් මට පිහිටක් දෙන්න බෑ.

ධර්මය දකින්න උත්සාහ කරන කෙනෙකුට මේ නිවාඩුව නිධානයක් පහළ වුණා වගේ. මේ නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජන ගන්න, සිත නිස්කලංක කරගන්න ලෝකයේ අසාර බව දකින්න.

වටිනාකම් දෙන්නේ නැතුව ඉන්නවා පිලිබඳව කෙරෙන අගනා දහම් විග්‍රහයක් පහත link එකේ ( වි.11.00 සිට ) ඇත.

අසාර බව දකින්නේ කෙසේද පිලිබඳව කෙරෙන අගනා දහම් විග්‍රහයක් පහත link එකේ ඇත.
https://waharaka.com/listen/CD088-23

මෙහි ඇති ඡායාරූපය ( සංස්කරණයට පෙර ) උපුටා ගැනීමකි....
එහි අයිතිය ඡයාරූප ශිල්පියා /ශිල්පිනිය සතුය.
පූර්ණ ගෞරවය ඔහුට / ඇයට හිමි වෙි.

සංස්කරණය - තිස්ස ලියනගේ - 0718406060


Add caption

No comments:

Post a Comment

ජාතක කියන්නේ

ජාතක කියන්නේ ජා + අත්ත + ක ජා කියන්නේ ජනිත කරනවා අත්ත කියන්නේ අත් බැව ක කියන්නේ ක්ෂය කරනවා කියන එකයි. මේ භවයක්, භවයක් පාසා අත්බැව් ජනිත කරමි...