Sunday, May 24, 2020

මේ දවස් වල ලෝකයේ ඇති වෙලා තියන ප්‍රශ්න වලටයි ඉස්සරහට එන්න තියෙන ප්‍රශ්න වලටයි උත්තර පහත විස්තරේ තියෙනවා, කියවලම බලන්න.

මේ දවස් වල ලෝකයේ ඇති වෙලා තියන ප්‍රශ්න වලටයි ඉස්සරහට එන්න තියෙන ප්‍රශ්න වලටයි උත්තර පහත විස්තරේ තියෙනවා, කියවලම බලන්න.
අපල උපද්‍රව ඇතිවීම ( සෙනසුරැ අපලය ) සහ ඉන් මිදීමට
අප්‍රමාණ ලෝක සත්වයන්ට මෙත් සිත යථාර්තයෙන් දැනගෙන වැඩීම පිළිබඳව වන දහම් විග්‍රහය
මේ මිනිස් ලෝකය හා මිනිස් ලෝකය ඇසුරු කරන්නා වූ භූමාටු දේව ලෝකයක් තියනවා චාතුර්මහාරාජිකයේ කොටසක්, ඒ දේව ලෝකයේ පටන් තිරිසන් ලෝකය දක්වා තියෙන්නෙ දුක සැප මුසු වූ ලෝකයක්. හොඳ ඒවත් එනවා, ප්‍රියමනාප ඒව එනවා සැප වශයෙන්, අප්‍රිය අමනාප ඒවත් එනවා දුක් වශයෙන්, ඔය දෙකෙන්ම පිරිල තියන නිසා කියනවා කල්ල සුක්ඛං, කල්ල සුක්ඛ විපාකං කියලා කළු සුදු කර්ම සහ කළු සුදු විපාක කියල. දුක සැප කියල එන්නෙ විපාක, සැපම එනවත් නෙවෙයි දුකම එනවත් නෙවෙයි, හිනහ උනු ගමන් අනිත් පැත්තට අඬන්න එකක් ඇවිත්, අඬ අඬා ඉන්නවා අනිත් පැත්තට ටිකක් හිනාවෙන්න දෙයකුත් එනවා. මේ මනුස්ස ලෝකය හැදිලා තියෙන්නේ දුක සැප විදියට
අපි මොනවද ග්‍රහණය කළේ ග්‍රහ කරපු දේට ණය වුණා, යම් කිසි දෙයක් ග්‍රහ කරනවා කියන්නේ අල්ලනවා කියන එකයි, අල්ලගත්තොත් ණය වෙනවා, අල්ලගන්න ගියොත් ඒකට බැඳෙනවා, සැප වශයෙන් හෝ දුක් වශයෙන් හෝ විඳින්න ණය කාරයෙක් වෙනවා. ග්‍රහවස්තු කියන්නෙත් අන්න ඒ ග්‍රහණය කරන්න ගිය එකට ණය ගෙවන්න හැදුනු වස්තු ටිකට. නවග්‍රහ කියන්නේ ඔය නව ආකාරයකට ග්‍රහණය කරපු දේවල් වලට.
හෙනයට හුරුවෙන වගේ ඒවා කරන්න ගත්තොත් මිනිස්සු කෑ ගහනවා, මොන අපරාධයක්ද හෙනගහන අපරාධයක් මේ කලේ, අන්න හෙනයට හුරුවෙච්ච අපේ පුරුද්දක් තියනවා. හෙනගහන ඒවට මනස පුරුදු කර ගන්නවා කිසිම ගානක් නැහැ, අනුන්ට කොච්චර දුක් කරදර දුන්නත් හිංගි හිංසා කලත්, ඒක වරදක් නේද අපරාධයක් නේද කියලා අපට තේරෙන්නේ නෑ, අපි ඒවා සන්තෝෂයෙන් කරනවා ග්‍රහණය කරගෙන, එතකොට අපිට හෙනයට හුරු කරපු නිසා ඒකට හැදෙනවා දුක් කරදර කෙළවරක් නැතුව දෙන්න, ඒකට අවශ්‍ය ග්‍රහණය කර ගත්ත වස්තුවක් සතර මහා භූතයන්ගෙන්. හෙනයට හුරු කරගත්ත ග්‍රහ වස්තුව සෙනසුරු ග්‍රහ වස්තුව. ඕකත් එකවර එන්නෙ නෑ ඉතිං, අපි කාටහරි හිංගි හිංසා කරලා එක තැනක ඉන්නේ නෑනේ, අපිත් කරන්නේ කොහේ හරි සැරිසර සැරිසර තමයි හිංගි හිංසා කරන්නේ, එක තැනක ඉඳගෙන හිංසා කරන්න බෑ. චක්‍රයකට අහු වෙලා තමයි කාටත් හිංගි හිංසා කරන්නේ, ඒ කර කර යන විදියටම අපිටත් සිද්ධවෙනවා කාලයත් එක්ක සම්බන්ධ වෙලා ලැබිච්ච දෙයකින් සැප දුක ගැලපෙන විදිහකට ඇවිල්ල දෙන්න.
හෙනයට හුරු වෙච්ච එකක් කාටවත් හොඳක් කරන්නෙ නෑ. කරන එකම හොඳේ තමයි කාටවත් හෙන ගස්සන්නෙ නැතුව ඉන්න එක, එයා උදව් කරන්න කැමති නැහැ ලොකුම උදව්ව මොකක්ද සාප නොකර ඉන්න එක. උදව් කරන එකක් සෙනසුරුට සම්බන්ධ වුණු කෙනාට නෑ, අනුන්ට සාප කරන කෙනා අනුන්ට උදව් කරනවා කියන එකේ හිටිය නං ඒක ඉක්මවා යනවා. එයා ඉන්නේ අනුන්ට උදව් කරන තැනක නෙමෙයි. සෙනසුරුගේ සුව පැත්ත කියන්නේ උදව් කරන පැත්තක් නෙමෙයි දුක් නොදෙන පැත්ත, වැඩි හරියක්ම තියෙන්නෙ දුක් දෙන පැත්ත.එයට ගැලපෙන කාලයක් එනවා කල්ල සුක්ඛ විපාක ඵල දෙන්න තියෙන කාලය ඔය චක්‍රයේදී.
අපි කාටවත් හිංගි හිංසා කරලා නැත්නම් ඔය කාලය වෙනකොට සෙනසුරුගෙන් අපලයක් එන්න කිරණ ශක්තිය එන්නේ නෑ, විකර්ශනය වෙනවා මොකද අපි ළඟ පුණ්‍ය ශක්තියක් නැගෙන්නේ අපි කාටවත් හිංගි හිංසා කරලා තිබ්බේ නැත්නම්, මෙත් වඩා තිබුනානම් සසරෙදි අපිට ඒ කාලේ එනකොට සෙනසුරුට හිමි කාලය ආවට ඒ කාලයට භුක්ති විඳින්න අපි ළඟ නෑ එකතු කරගත්ත දෙයක්.
අපි හිතමු රජයෙන් වැරදි කාරයන්ව හොයල දඬුවම් දෙන්න පිරිසක් යොදනවා, අපි වරදක් කරලා නැත්නම් වටේ කැරකිලා කැරකිලා හොයල යන්න යයි, දඬුවම් දෙන්න බෑනේ තමන් වැරදි කරලා නැත්නම්, අන්න ඒ වගේ සසරේ අනුන්ට හිංගි හිංසා වැරදි කරලා තිබුනෙ නැති කෙනාට උදව් කරන්නෙ නෑ, අල්ලගෙන යන්නයි ආවේ දඩුවම් දීලා හැබැයි අපි කරපු දෙයක් නෑ එහෙනම් යන්න යනවා සද්ද නැතුව. අන්න ඒ වගේ සෙනසුරු චක්‍රය ආවට‍ අපිට කරන්න දෙයක් නෑ, සම්බන්ධ වෙන්න දෙයක් නෑ එතකොට ඈත් වෙලා යනවා අන්න ඒ වගේ.
අපිට කරන්න තියෙන්නෙ මොකක්ද අප්‍රමාණ ලෝක සත්වයන්ට මෙත් සිත යථාර්තයෙන් දැනගෙන වඩනකොට අපි සංසාරයේ කරපු එබඳු ඇදලා එන්න ශක්තියක් තිබුන නම් ඒකට වන්දි ගෙවලා ඉවර වුණහම කොච්චර සෙනසුරු කාලය තිබුනත් එයාට ප්‍රශ්නයක් නෑ, කාලය ගෙවිලා යනවා කරදරයක් නෑ. තමන් කරගත්තු පාපකර්ම තමන්ට පල දෙනවා, ග්‍රහයො මොනව කරන්නද. ග්‍රහයෝ හැදිල තියෙන්නෙත් ඔය අපි කරපු ක්‍රියාවලියට අනුව, අපි කරපු දේට අනුව අපිට විපාකය එනවා. නොසැලකිල්ලෙන් ගින්දරට අත දාලා අත පුච්චා ගත්තට ගින්දර මොනවා කරන්නද ඒකෙන් අදහස් වෙන්නේ ගින්දරට පිච්චෙන්නෙ නෑ කියන එක නෙමෙයි අපේ නොසැලකිල්ල නිසා අපි ගින්දරට පුච්ච ගන්නවා.
ග්‍රහයින්ට බැන බැන ඉදලා වැඩක් නෑ, ඕක තෝරා ගන්නේ නැතුව ග්‍රහයාගෙන් මුකුත් සිද්ධ වෙන්නෙ නෑ කියලා පස්සේ කියන්න ගත්තා. බුද්ධත්වය සඳහා සඳු ග්‍රහයා උපකාර වුණා, පසළොස්වක දවසේ ආරම්භයත් එක්ක තමයි ලොව්තුරා බුද්ධත්වයට පත් වුණේ. ඒ වගේම සූර්යයා පායන පාන්දර මොහොතක තමයි ලොවුතුරා බුදු වෙන්නේ, හවස බුදුවුණු බුදුරජාණන් වහන්සේලා නෑ. නැගෙනහිර බලාගෙන තමයි බුද්ධත්වය ලබන්නේ බස්නාහිර බලාගෙන බුදු වන්නෙත් නැහැ. ඒ ලොවුතුරා බුද්ධත්වයට අවශ්‍ය පරිසරය මේ ලෝකේ තියෙනවා ඒවා අවශ්‍යයි උපනිශ්‍රයි. අපි කරගත්ත කර්මයක් නැත්නම් ඔය ග්‍රහයින්ට දුක සැප දෙන්න බෑ තමයි.

සෙනසුරැ අපලය සහ ඉන් මිදීම පිළිබඳ දහම් විග්‍රහය පහත link එකේ ඇත .
https://waharaka.com/listen/CD076-47

මෙහි ඇති ඡායාරූප ( සංස්කරණයට පෙර ) අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි....
එහි අයිතිය ඡයාරූප ශිල්පියා /ශිල්පිනිය සතුය.
පූර්ණ ගෞරවය ඔහුට / ඇයට හිමි වෙි.

සැකසුම - තිස්ස ලියනගේ - 0718406060

No comments:

Post a Comment

ජාතක කියන්නේ

ජාතක කියන්නේ ජා + අත්ත + ක ජා කියන්නේ ජනිත කරනවා අත්ත කියන්නේ අත් බැව ක කියන්නේ ක්ෂය කරනවා කියන එකයි. මේ භවයක්, භවයක් පාසා අත්බැව් ජනිත කරමි...