Sunday, May 24, 2020

දහම් මාර්ගය පූර්ණ කරගන්න උත්සාහගන්න අය වශයෙන්, අපිට බැන්නට ගැහුවට අපි ඒ අයට ගහන්න, බනින්න, සාප කරන්න හොඳ නෑ

දහම් මාර්ගය පූර්ණ කරගන්න උත්සාහගන්න අය වශයෙන්, අපිට බැන්නට ගැහුවට අපි ඒ අයට ගහන්න, බනින්න, සාප කරන්න හොඳ නෑ.
අපි අහිතක් හිතුවොත් එහෙම අමනුස්ස ලෝකවලින් පවා ඒ අයට බොහාම කරදර බාධක එනවා. අපි ඉතින් හැම වෙලාවෙම කෙනෙකුට විපතක් කරදරයක් විනාසයක් ‍නොවේවා කියන අදහසින් කටයුතු කළත්, දහම් මාර්ගය අනුගමනය කරන අයට යමෙක් විරුද්ධව කටයුතු කරනකොට, ඒ අය නොකිව්වත් නොපැතුවත්, ඒ අයව ආරක්‍ෂා කරගන්න අමනුස්ස ලෝකවල අය වගේම දෙවි දේවතා පිරිස් පවා ඉන්නවා. එබඳු කරදර බාධා වළක්වන්න යමක් කරන්න පුළුවන් නම් ඒ අය පවා උදව් උපකාර කරන අවස්ථා තියනවා.

බාධා කිරීම්, නින්දා, අපහාස මැද ලෝකෙ හැටි දැන ගෙන දහම් මග වඩන අයුරු, සහ ද්වේෂ සිත් ඇති කරගන්නේ නැතිව ජීවත් වන්නේ කෙසේද ? යන්න පිලිබඳව කෙරෙන දහම් විග්‍රහයක් පහත link එකේ ඇත.
https://www.waharaka.com/listen/CD086-21

නිකරුනේ අපවාද වලට ලක්විම සහ එයින් ගැලවීමට කල යුතු දෙය පිලිබඳව කෙරෙන දහම් විග්‍රහයක් පහත ලින්කුවේ ( link එකේ ) ඇත.
https://waharaka.com/listen/CD053-27

බාදක වලට පිලියම් යෙදීම පිලිබඳව කෙරෙන දහම් විග්‍රහයක් පහත link එකේ ඇත.
https://www.waharaka.com/listen/CD054-08

මෙහි ඇති ඡායාරූපය ( සංස්කරණයට පෙර ) අන්තර්ජාලයෙන් හා සටහනින් කොටසක් හෙළ බොදු පියුම 80 සඟරාවේ 20 පිටුවෙන් උපුටා ගැනීමකි....
එහි අයිතිය මුල් ඡයාරූප ශිල්පියා / කතුවරයා / කතුවරිය සතුය.
පූර්ණ ගෞරවය ඔහුට / ඇයට හිමි වෙි.

සැකසුම - තිස්ස ලියනගේ - 0718406060

No comments:

Post a Comment

ජාතක කියන්නේ

ජාතක කියන්නේ ජා + අත්ත + ක ජා කියන්නේ ජනිත කරනවා අත්ත කියන්නේ අත් බැව ක කියන්නේ ක්ෂය කරනවා කියන එකයි. මේ භවයක්, භවයක් පාසා අත්බැව් ජනිත කරමි...