Sunday, May 24, 2020

මේ විදියට චාරිත්‍ර වාරිත්‍ර කරනවා නම් අලුත් අවුරුද්ද විතරක් නෙවෙයි, සසරත් ජයගන්න පුලුවන්

මේ විදියට චාරිත්‍ර වාරිත්‍ර කරනවා නම් අලුත් අවුරුද්ද විතරක් නෙවෙයි, සසරත් ජයගන්න පුලුවන්.

දකින්න අලුත් අවුරුද්ද, පරමාර්ථ අර්ථයෙන්.

චාරිත්‍ර කියන්නේ ච + අරිය + අත්‍ර, ආර්ය චිත්තය යම් අතකට ද තියෙන්නේ, ආර්ය චිත්තයේ ආකාරය චාරිත්‍ර යි.

ආර්යයෝ විසින් වලකලා දැම්මෙ යමක්ද ව + අරිය + අත්‍ර ඒ වාරිත්‍ර යි ( වැළකුණා ).

ආර්ය කියන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මුල් කරගත්ත ශාසනික උතුම් පිරිස. ආර්යයෝ මොනවද වැළැක්වූ වේ, ඒවා අපේ පරම්පරාව වැළැක්වූවා, සිහල පරපුරම ගත්තේ නෑ. ආර්යයො මොනවද ඇසුරු කළේ සිහල පරම්පරාව එය අනුමත කළා. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මුල් කරගත්ත ශාසනික උතුම් පිරිස යමක් නරකයි කිව්වා නම්, අවැඩයි කිව්ව නම්, අත් හැරියා නම්, ඒක ආදර්ශයට අරගෙන තමයි ඉතිරි පිරිස හැඩ ගැහුණේ, ජනතාව හැඩ ගැහුණේ.

ච + අරිය + අත්‍ර අනුගමනය කළා ආර්ය චිත්තයෙන් අතරට ගත්ත ඒවා අනුගමනය කළා.

ව + අරිය + අත්‍ර ආර්යයෝ විසින් ඉවත්කල දැම්මද, අතහැරියද ඒක ඒ විදියටම අයින් කලා.

චාරිත්‍ර කර ගෙන ගියා, වාරිත්‍ර වැළකුණා. සිරිත් විරිත් කිව්වෙත් ඕකයි. බෞද්ධ සිරිත් විරිත් කියන එකේ අදහස ඒකයි. ඒ නිසා බාධකයක් ආවේ නෑ එදා ඉඳලා. අද මේ තරම් බාධක එන්න හේතුව ඕකයි. ඉතිහාස කතා කිය කිය උද්දාම වෙලා හිටියට, පැරකුම්බා රජ්ජුරුවන්ගෙ කාලෙ කෝටි පහක් සෙනග හිටියා පිටරටට හාල් යැව්වා අපේ සිංහල ජාතියේ වටිනාකම මේකයි කියලා උඩ පැන පැන හිටියා, ඉන්නවා, අපේ තැන වැහිල.

එදා පුළුවන්නං අද බැරි ඇයි ?

චාරිත්‍ර - වාරිත්‍ර, සශ්‍රීකත්වය පිලිබඳව කෙරෙන අගනා දහම් විග්‍රහයක් පහත link එකේ ( වි.27.30 සිට ) ඇත.
https://waharaka.com/listen/CD002-08

සිංහල අවුරුදු චාරිත්‍ර වල අර්ථය, මාස වලට අදාල නම් ( දුරැතු,නවම්... ) පිලිබඳව කෙරෙන දහම් විග්‍රහයක් පහත link එකේ ඇත.
https://waharaka.com/listen/CD038-17

කායික, මානසික පීඩාවකින් තොරව නිදහස්ව, නිවහල්ව, නිරවුල්ව, ආර්‍ය මාර්ගය පූර්ණය කරගෙන අද අදම සීල, සමාධී, ප්‍රඥා ගුණ පූර්ණය කර ගෙන සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරිහත් කියන්නාවූ සතර මග, සතර ඵල පිළිවෙලින් අවබෝධ කරගෙන පංච අභිඥා, ෂඩ් අභිඥා, අෂ්ඨ සමාපත්ති, ත්‍රිවිද්‍යා, සිවුපිළිසිඹියාපත් සමග අරිහත් ඵලය සාක්ශාත් කර ගැනීමට සසර දුකෙන් අත් මිදීම පිණිසම ඔබත් මමත් ගොඩනැගුවා වූ සියලු කුසල ශක්තින් අප සැමගේ නිවනට උපනිශ්‍රය වෙත්වා ! ! !

පවතින්නාවූ අට අනූවක් රෝග, නව අනූවක් ව්‍යාධී, දෙසීය තුනක් අන්තරායෝ කියන්නාවූ රෝග, ව්‍යාධී, අන්තරා ඇස්වහ, කටවහ, හෝවාහ, හදි හූනියම්, ඇවොල් දෙවොල් එකී නොකී සියලුම ලකලියා දෝශ අන්ධ කාරයෝ

දුරෙන් දුරුම වෙත්වා ..!!!

දුරෙන් දුරුම වෙත්වා...!!!

දුරෙන් දුරුම වෙත්වා...!!!

මුල් අදහස පහල වූ උත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...

මෙහි ඇති ඡායාරූපය ( සංස්කරණයට පෙර ) අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි....
එහි අයිතිය ඡයාරූප ශිල්පියා /ශිල්පිනිය සතුය.
පූර්ණ ගෞරවය ඔහුට / ඇයට හිමි වේ.

සැකසුම - තිස්ස ලියනගේ - 0718406060


 



No comments:

Post a Comment

ජාතක කියන්නේ

ජාතක කියන්නේ ජා + අත්ත + ක ජා කියන්නේ ජනිත කරනවා අත්ත කියන්නේ අත් බැව ක කියන්නේ ක්ෂය කරනවා කියන එකයි. මේ භවයක්, භවයක් පාසා අත්බැව් ජනිත කරමි...